Posted on 12.11.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මාතලේ පලාපත්වල ප්රදේශයේ රජයේ ඉඩම් ඉඩම් 20ක් අක්කරයක් රුපියල් 830 බැගින් ව්යාපාරියකුයට ලබා දී ඇතැයි මාතලේ ප්රදේශීය සභා සභාපති කපිල බණ්ඩාර හන්දෙනිය පවසයි.
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මෙම ඉඩම් වංචනික ලෙස ලබාදීඹට කටයුතු කිරීම සම්බන්ධයෙන්
ඔහු මෙම අනාවරණය කළේ මාතලේ ප්රදේශීය සභා මාසික සභා රැස්වීමේදිය.
මාතලේ ප්රදේශීය සභාව විසින් වරක් පරිසර වැඩසටහනක් සඳහා ඉඩම් අක්කර 5ක් ඉල්ලා සිටියද එය ලබා නොදුන් බලධාරින් වෙනත් අයට මාසයක් ඇතුළත සියලු ලිපි ලේඛන සම්පූරණකර ලබා දෙන බව පවසයි. මේ තත්වය පසුගිය ආණ්ඩුව කාලයේදිත් සිදු වුවද මේ ආණ්ඩුව යටතේ සිදුවන්නේද එයම බව සභාපතිවරයා පවසයි. ජිවත්වෙන්න පර්චස් 10ක් ඉල්ලා සිටියද අවසර නොදෙන මෙම නිලධාරින් විසින් දේශපාලන බලය, මුදල් බලය ඇතිවුන්ට වටිනාම ඉඩම් ලබා දෙන ඉඩම් මංකොල්ලයක් මාතලේ දිස්ත්රික්කය පුරාම සිදු වෙන බව පවසන ප්රාදේශීය සභා සභාපතිවරයා මෙම තත්වය වහාම නැවැත්විය යුතු බව පවසා සිටියේය.