Posted on 04.28.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජාතිවාදය අවුස්සන සුළු මෙන්ම ජාතීන් හා ආගම් අතර සාමයට හානිකරන ආකාරයේ ප්‍රකාශයන්. මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ අදහස් ප්‍රචාරය කරන හෝ මුද්‍රිතව ප්‍රකාශයට පත්කරන පුද්ගලයන්, කන්ඩායම් හෝ සංවිධාන සම්බන්යෙධන් දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩුව නිවේදනය කරයි.
දැනට පවත්නා හදිසි නීතිය යටතේ එවැනි චෝදනාවලට වරදකරුවන් වූ විට කිසිදු තරාතිරමක් නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ඒ.එම්.එස්.බී. අතපත්තු සඳහන් කරයි.
අසත්‍ය ප්‍රකාශ හෝ කටකතා පතුරවන කුමන ආකාරයේ මාධ්‍යක් භාවිතා කරන පුද්ගලයන් කණ්ඩායම් හෝ සංවිධානවලට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක අංශ නොමග යවන සුළු ප්‍රකාශ නිකුත් කරන්නන්ට එරෙහිවත් හදිසි නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක වන බැවින් සියලුම දෙනා එසේ කිරීමෙන් වැළකී සිටින ලෙසට රජය
නිවේදනයකින් වැඩිදුරටත් දන්වා සිටියි.