தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
මුස්ලිම් පල්ලි ගැන කියමින් දයාසිරි බොරදියේ මාළු බායි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුස්ලිම් පල්ලි ගැන කියමින් දයාසිරි බොරදියේ මාළු බායි



මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා 2015 සිට මේ දක්වා තව්හීද් ජමාත් සංවිධානයේ අන්තවාදී පල්ලි 400 ක් පිහිටුවීම සදහා අනුමැතිය දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

මන්ත්‍රීවරයා තමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මෙවන් පල්ලි 50 ක් පිහිටුවීමට අනුමැතිය දී ඇතැයි සඳහන් කර තිබේ.

මෙම පල්ලි වහාම තහනම් කර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අදහස් ලබාගෙන ඉදිරි පියවර ගතයුතු බවද දයාසිරි ජයසේකර පවසයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පල්ලි 400ක් සෑදීමට අවසර දී ඇති බව පැවසුවද ඒ පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කර නැත. කිසිදු විශ්වාස කළ හැකි ආකාරයේ විස්තරයක් නොමැතිව දයාසිරි ජයසේකර මෙවැනි ප්‍රකාශයක් සිදුකරන්නේ මේ මොහොතේ රටේ පවතින මුස්ලිම් ජනතාවට එරෙහි විරෝධයට සහාය දීමක් ලෙස විය යුතුය. සිංහල අනතවාදීන්ට ධෛර්ය සපයන මෙවැනි ප්‍රකාශ හරහා දයාසිරිලා උත්සාහ කරන්නේ බොර දියේ මාළු බෑමටයි.