කටුවන පොලීසියට එරෙහි විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

කටුවන පොලිසියට එරෙහිව ප්‍රදේශවාසින් දියත් කළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊයේ(12) රාත්‍රී පොලීසිය ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.

කටුවන, බෙංගමුකන්ද ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ස්ථානයක් වැටලීමෙන් පසු කටුවන පොලීසිය අත්අඩංගුවට ගත්
50 හැවිරිදි පුද්ගලයෙකු මියයාමේ සිදුවිමක් වාර්තා වන අතර පොලිස් නිලධාරින් සිදු කළ පහරදිමකින් අදාල පුද්ගලයා මියගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

කෙසේවෙතත් පොලීසිය පවසන්නේ අදාල පුද්ගලයා මාර්ගයේ වැටී සිට ඇති අතර ඔහු පොලීසිය මැදිහත්වී රෝහල් ගත කර ඇති බවයි.

ප්‍රදේශවාසීන් පිරිසක් කටුවන පොලීසිය ඉදිරිපිටට රැස්වී නොසන්සුන්කාරි ලෙස හැසිරී ඇති අතර පොලීසියට ගල්වලින් පහරදී මාර්ගයේ ටයර් පුළුස්සා විරෝධතාවයේ ද නිරත වී තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් ඇතුළු අවට පොලිස් ස්ථානවලින් අතිරේක නිලධාරින් කැඳවා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කොට විරෝධතාකරුවන් පලවා හැරිමට පොලීසිය කටයුතු කර තිබේ.

කාලයක් පුරා පොලීසිය අත්අඩංගුවේ සිටියදී මිය යාමේ සිදුවීම් බොහොමයක් වාර්තා විය. ඉටේ හේතු වශයෙන් පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයන් ආයුධ පෙන්වීමට ගොස් නැතිනම් පළායාමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීමට සිදුවූ බවයි. මෙහිදී කිසිදු පරීක්ෂණයකින් තොරව පොලිසියේ එම ප්‍රකාශය පිළිගනු දැකිය හැකි විය.

Sithara Sajeewani :