කතරගම විෂ්ණු දෙවොලේ ගිනි තබාගැනීමක්!

කතරගම දේවාලය අසළ පිහිටි ශ්‍රි විෂ්ණු දේවාලය ඉදිරිපිටදී සිය සිරුරට ගිනිතබාගත් පුද්ගලයකු දේවාලය තුළට ගමන්කිරීම නිසා දේවාලය තුළ ගින්නක් ඇතිව තිබේ.

ගින්න නිසා දැඩි ලෙස තුවාල ලැබූ පුද්ගලයා වහාම රෝහල්ගත කරන ලද අතර මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ.

බැතිමතකු හදිසියේ මෙසේ ගිනිතබාගැනීමෙන් දෙවාලයේ පැතිරගිය ගින්න මැඩපත්වා තුවාලකරු කතරගම දිසා රෝහලට ඇතුලත් කළද අයහපත් තත්වය නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට රැගෙනවිත් ඇත.

Chandana Sirimalwatte :