කථානායකවරයාට චෝදනා !

කථානායකවරයා විධායක ජනාධිපති ක්‍රමය විවේචනයට ලක් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විfjapk එල් වී ඇත.

එ.ජ.නි.ස. නියෝජිතයා ලෙස ඊයේ(4) පක්ෂ නායක රැස්වීමට පැමිණි නිමල් සිරිපාලද සිල්වා මන්ත්‍රිවරයා විසින් කථානායකගේ ස්ථාවරය මධ්‍යස්ථ වියයුතු බව පවසමින් මෙම විවේචනය ගෙනත් තිබේ. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස එවැනි පක්ෂපාති ස්ථාවරයන් ප්‍රකාශයට පත් කිරිම නොකළ යුතු බව නිමල් සිරිපාල පවසන විට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාද ඊට සහාය දෙමින් කතාකර ඇත. මෙහිදී කතානායකවායා පවසා ඇත්තේ තමන් කථානායක වුවද දේශපාලන මතයක් සහ ප්‍රතිපත්තියක් රැකීමේ අයිතිය ඇති බවයි. ඉදිරියට වුවද විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව හඩ අවදි කරන බව කථානායකවායා ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනතාව අතර අ්‍රසාදයට ලක්ව ජනාධිපතිවරණයට යාමේ දුෂ්කරතාවක සිටී. එසේම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේද ජනාධිපතිවරණය සම්බන්ධ අපේක්ෂකයකු පිළිබද තීරණයක් නැති ගැටලුවක් පැන නැගී ඇත. මේ නිසා දේශපාලන වශයෙන් වාසිදායක වන්නේ යම් ආකාරයක ජනාධිතිවරණයකට යාම බවට මෛත්‍රිපාල ජනාධිපතිවරයාට පක්ෂපාත පිරිස්ද පවසමින් තිබේ.

Chandana Sirimalwatte :