தமிழ்
English
Contact
Sunday 23rd January 2022    
කඳුරුගස්ආර කඳවුරේ රැඳවියෙකුගේ මරණයට නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කඳුරුගස්ආර කඳවුරේ රැඳවියෙකුගේ මරණයට නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්



ඇඹිලිපිටිය කඳුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ සිර දඬුවම් විඳිමින් සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති රැඳවියා මරණ පත්වීමේ සිද්ධියට අදාලව එම වැඩ කඳවුරේ නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක පවසන පරිදි මෙලෙස වැඩ තහනම් කොට ඇත්තේ
ඇඹිලිපිටිය කඳුරුගස්ආර එළිමහන් වැඩ කඳවුර බාර ජේලර්වරයාගේ, නියාමකයකු සහ සැරයෙන්වරයකුගේයි.

අදාල නිලධාරීන් මරණයට පත්වූ රැඳවියාගේ දියණියට දුරකථනයෙන් කතා කර මුදල් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ රැඳවියාගේ මරණ සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වමින් සිටියි.

අදාල රැඳවියා බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදී මරා දමන ලද බවට ඥාතීන් චෝදනා කරයි.