Posted on 12.25.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තිරුක්කෝවිල් පොලිසියේ සාජන්වරයකු විසින් සිදු කළ වෙඩි තැබීමෙන් සිවුදෙනකු මරණයට පත්ව ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයා කිසියම් රාජකාරියකට පොලිසියෙන් පිටව සිටියදී ඊයේ(24) රාත්‍රී 10.30 පමණ පොලිස් චෝදනාගාරයේදී සිදුවූ බව කියන මෙම වෙඩි තැබීම නිසා නිලධාරින් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇත. පසුව කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් කොස්තාපල්වරයකු අද(25) උදයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
රාත්‍රි ස්ථනාධිපතිවරයා පොලිසියට පැමිණෙනවාත් සමග සැකකාර සාජන්වරයා ස්ථානාධිපති පැමිණි පොලිස් ජිප් රථයට ද වෙඩි තබා ඇත. ඒ අවස්ථාවේ ජීප් රථය පාලනයෙන් ගිලිහි ගොස් ගොඩනැගිල්ලක ගැටී නතර වී ඇත.
මිය ගොස් ඇති නිලධාරින් ලෙස පොලිස් සැරයන් 44132 කාදර්, පොලිස් කොස්තාපල් රියැදුරු 18382 තුෂාර, පොලිස් කොස්තාපල් 78857 ප්‍රබුද්ධ, සහ පොලිස් කොස්තාපල් 8861 නවිනින් යන නම් නිවේදනය කර ඇත.
මේ ආකාරයට වෙඩි තිබූ බව කියන සැරයන්වරයා වෙඩු තැබීමට යොදාගත් ටී56 අවියද සමග ඇතිමලේ පොලිසියට බාරවී මෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව පැවසේ.

