Posted on 04.19.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කම්කරුවන් වැඩබිමේදී ආරක්ෂා කිරීම ඔහු හෝ ඇය සේවයේ යොදවන සෙව්්‍යයාගේ වගකීමක් වුවද ලංකාවේ කම්කරුවන් රට තුළදීත් විදේශයන්හිදීත් සිය ශ්‍රමය වැය කරන්නේ ජීවිත පරදුවට තබමිනි.
ඊයේ (18) යාල වනෝද්‍යානයට යාබද ඔකඳ ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටි කම්කරුවෙකු දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් කම්කරුවෙකු රෝහල් ගත කර ඇත.
වාර්තාවන ආකාරයට පස්දෙනෙකුගෙන් සමන්විත කම්කරු පිරිසක් වනඋයන තුළ මාර්ග නඩත්තුව සදහා ට‍්‍රැක්ටරයකින් බොරළු පස් ප‍්‍රවාහනය කරමින් සිටියදී දිවා ආහාරය ගැනීමෙන් පසුව ගිමන් හරිමින් සිටියදී දිවියෙකු කඩාපැන මෙම කම්කරුවා ඩැහැගෙන ගොස් ඇත. මෙසේ රැකියාවේ යෙදී සිටියදී ජීවිතය අහිමිව ඇත්තේ තිරුක්කෝවිල්හි අරුන් රාජන් නමැත්තෙකි. සිය සගයාගේ ආරක්ෂාව සදහා පියවර ගත් තවත් කම්කරුවකු දිවියාගේ ප‍්‍රහාරයට ලක්වූ නමුත් දිවි ගලවාගෙන ඇත.
පසුගිය කාලය තුළ ලංකාවේ විවිධ සේවා ස්ථානවලදී කම්කරුවන් ආරක්ෂිත නොයෙදවීමෙන් ඔවුන්ගේ ජීවිත වැනසී යැපෙනවුන්ද අසරණ කරඇත. විශේෂයෙන් විදේශ සේවයේ කාන්තාවන් මිය ගොස් මළ සිරුරු පමණක් රටට ගෙන එදිදී වගකිවයුත්තකු නැත. ආරක්සාව සහිත රැකියාවක් කිරීම මූලික මිනිස් අයිතිවාසිකමකි. එය මෙරට කම්කරුවන්ට හිමිව නැති අයිතියකි. මේ තත්වය තුළ කම්කරුවන්ට සිය ශ්‍රමයට මිලක් ගවෙීම පිළිබද ප්‍රශ්නයට සටන් කිරීම මෙන්ම ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කිරීමටද සිදුව ඇත.

