Posted on 09.26.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
Facebook සමාජ ජාල ගිනුමට වැඩි අවධානයක් ලබා ගැනීමේ අරමුණින් පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති බව සීගිරිය පොලීසිය පවසයි.
සමාජල වෙබ් අඩවියට සිය අඩ නිරුවත් සේයාරූ මුදාහැර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු බව මේ වනවිට නිශ්චිතව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධව ඇති පැමිණිලි ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ගලේවෙලට යවා ඇති බව පොලිසිය පවසයි.
මෙම තරුණයන් දෙදෙනා අනාවරණය කරගැනීම සඳහා සමාජ ජාල මිතුරු කණ්ඩායම් විසින්ද සීගිරිය පොලීසියට සහයෝගය දක්වා ඇත. ඊට අමතරව ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන මෙන්ම වෙනත් පිරිස් ද පැමිණ සහයෝගය ලබාදුන් බව පොලීසිය පවසයි.