කර්තෘ සංසදයේ සභාපතිධුරයට ‘ලංකාදීප’ ප්‍රධාන කර්තෘ, සිරි රණසිංහ පත්වේ!

දිනපතා ලංකාදීප පුවත්පතේ දීර්ඝකාලීනව ප්‍රධාන කර්තෘවරයා ලෙස සේවය කරන ජ්‍යෝෂ්ඨතම මාධ්‍යවේදියකුවන සිරි රණසිංහ, ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති ලෙස තෝරාපත් කරගෙන ඇත.

පසුගියදා පැවති ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ වාර්ෂික මහ සභාවේදී එම පත්කිරීම සිදුකරන ලදී. එසේම අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන කර්තෘ මණික් ද සිල්වා සහ සන්ඩේ ටයිමිස් ප්‍රධාන කර්තෘ සිංහ රත්නතුංග ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ උත්තරීතර මණ්ඩලයට පත් කරගන්නා ලදී.  මව්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ  සිසිර පරණතන්ත්‍රී ලේකම් ධුරයටද වීරකේසරී පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආර්. ප්‍රභාගන් භාණ්ඩාගාරික ලෙසද තෝරාපත්කරගෙන ඇත. විශේෂ ව්‍යාපෘති සදහා අද පුවත්පතේ ප්‍රධාන කර්තෘ කාංචන දසනායක පත්කරනු ලැබිණි. විධායක සභිකයන් ලෙස ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ වාර්ෂික මහසභාවෙන් පත්කරන ලද පුවත්පත් කර්තෘවරුන් වන්නේ දිනපතා වීරකේසරී පුවත්පතේ ශ්‍රි කජන්, දිවයින පුවත්පතේ අනුර සොලමන්ස් සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ දර්ශිකා බැසිටියන්ස්ය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය, මෙරට පුවත්පත් මාධ්‍ය ආධිපත්‍ය හොබවන ආයතනවල නියෝජනයක් ලෙස මෙම ආයතනය මාධ්‍ය සමාජය තුළම විවේචනයට ලක්ව ඇත.

Chandana Sirimalwatte :