Posted on 08.25.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කළුබෝවිල රෝහලේ රෝගී වාට්ටුවල කොවිඩ් වයිරසය නිසා මිය ගිය පුද්ගල මළ සිරුරු තැනින් තැන දමා ඇති බව දැක්වෙන ඡායාරූපයන් සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරී පුද්ගලයෙකු ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙරේදා (23) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ මෙය ව්‍යාජ ලෙස සකස්කළ ඡායාරූපයක් බවයි.
සැකකරු පෙරේදා (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර දෙසැම්බර් මස 16 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.
මෙම පුද්ගලයාට එරෙහිව නිරෝධායන පනත යටතේද, ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේද, පරිගණක අපරාධ පනත යටතේද චෝදනා ගොනු කිරීමට නියමිත බව පොලිසිය පවසයි.