Posted on 01.04.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොල්ලුපිටිය මල්පාරේ දී ලිට්ටෝ සමාගමේ ලොරි රථයක සේවකයන්ට පහර දී ගෑස් සිලින්ඩර් 3 ක් පැහැරගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කැලණිය ලිට්ට්රෝ නියෝජිත ආයතනට අයත් ලොරි රථයකින් ඉකුත් (29) දින කොල්ලුපිටියේ මල් පාරේ අවන් හලක ගෑස් බෑම සිදුකරමින් සිටියදී මෙම සැකකරුවන් තිදෙනා ත්රිරෝද රථයකින් පැමිණ ලොරි රථයේ සේවකයන්ට පහර දී මෙම ගෑස් පැහැර ගැනීම සිදුකර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසයි.
සැකකරුවන් අතර අරක්කැමියෙකු, අවහන්හලක මත්පැන් අංශය බාර කටයුතු කරන්නෙකු සහ ත්රිරෝද රථ රියැදුරු ද සිටින බව පොලිසිය පවසයි.