සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී ලංකා පිල කඩුලු 9ට ලකුණු 304ක් ලබා ජයග්‍රහණය සටහන් කළේය.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින කුසල් ජනිත් පෙරේරා, සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ඔහු ලකුණු 153ක් ලබා ගත්තේය. එසේම ඔහු ජයග්‍රහණය සදහා විශ්ව ප්‍රනාන්දු සමග ලකුණු78ක සබදතාවක් සටහන් කළේය.
මෙම තරඟයේ ශ්‍රි ලංකා නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු ක්‍රිඩකයින් දැවී ලකුණු 235ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 191 කි.
ලකුණු 44ක වාසියක්ද සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම එම ඉනිම සඳහා සියලු ක්‍රිඩකයින් දෑවී ලකූණු 259ක් ලබා ගත්තේය. අවසානයේ දකුණු අප්‍රිකාව සිය රටේදීම පරාජය කරමින් ලංකා ක්‍රිකට් පිළ දීර්ඝ කාලයකට පසුව සිය පළමුවැනි ජය වාර්තා කරන ලදී.