කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා මානව හිමිකම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අසා කතෝලිකයන් නොවන දාහත් ලක්ෂයක් මරා දැමූ ඉතිහාසය පිළිබද
මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර ට්විටර් පණිඩිඩයක් සටහන් කර ඇත. කාදිනල්වරයා ශාන්ත මතෙව් රෝමානු කතෝලික දෙව් මැදුරේ පැවති මංගල දේව මෙහෙයට එක්වෙමින් කළ මානව හිමිකම් පිළිබද උනන්දුවන්නන් හෙලා දැකීමේ ප්‍රකාශය සම්බන්ධයෙන්සිඇමතිවරයා ට්විටර් ගිණුමේ සටහන තබා තිබේ.
එසේම කාදිනල් හිමියන් ජනප්‍රියවාදී වීමට ප්‍රකාශ නිකුත්කරන සෑම අවස්ථාවකම වරද්දා ගන්නා බව එම ටුවිටර් නිවේදනයේ පෙන්වා දෙයි.
කතෝලික ආගම නොපිලිගත් සහ එහි ඉගැන්විම් ප්‍රශ්න කළ පුද්ගලයන් වද දී මරා දැමීමට 12වැනි සියවසේදි කතෝලික සභාව විසින් ගෙන ගිය ක්‍රියාදාමය හා වෙනත් ආගම් මර්දනය කිරිමේදී පැන නැගි කුරුස යුද්ධ විසින් දාහත්ලක්ෂයකට අධික ජනකායක් මරණයට පත්වීම විනිස් මානව හිමිකම් රැකගැනීමේ වැදගත්කම සනාථ වූ බව ඇමති සමරවීර ට්විටර් පනිවිඩයේ සටහන් කර ඇත.
පහත දැක්වෙන්නේ මංගල සමරවිර ඇමතිවරයාගේ ට්විටර් පණිඩිඩය සටහන්ව ඇති ආකාරයයි.