2018 මුල්‍ය පනත යටතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන සියල්ලටම ජනවාරි 1 පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් පනවන බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ ජගත් චන්ද්‍රසිරි පවසයි.
විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ මෙම බද්දෙන් නිදහස් කෙරෙන අතර ඩීසල් සහ පෙට්‍රල් වාහනවට බද්ද පැනවන්නේ ඉන්ධන පරිභෝජනය අනුව බව සඳහන් වේ.
මෙම බද්ද නිෂ්පාදිත වර්ෂය වසර පහකට අඩු නිෂ්පාදිත වර්ෂය වසර පහත් දහයත් අතර සහ නිෂ්පාදිත වර්ෂය වසර දහයකට වැඩි යන අංශ තුන යටතේ අයකරන බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පළාත් කොමසාරිස්වරුන් හරහා අදාළ ගෙවීම් කළ හැකි බව ද ඔහු කීය.
කාබන් බද්ද මේ වසරේදී අනිවාර්ය නැති බවත් එය ලබන වසරේ සිට අනිවාර්ය බවත් කොමසාරිස්වරයා සඳහන් කර තිබේ.