Posted on 08.16.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් නව අමාත්‍යාංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිනයේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව විදුලි බල අමාත්‍ය ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දී ඇති අතර ., ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ නව විදුලිබල අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දී ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජී.එල් පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට දැනට කටයුතු කරන අමාත්‍යංශවලට අමතරව සංවර්ධන අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.