Posted on 08.09.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඇවන්ගාඩ් සමාගමට යළි සමුද්රාරක්ෂණ ව්යාපාරික කටයුතු ඇරඹීම සඳහා අවසර ලබාදීමේ කැබිනට් පත්රිකාව අද (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ‘ලංකා නිව්ස් වෙබ්’ වාර්තා කර තිබේ.
පසුගිය රජය සමයේ එම සමාගමට එරෙහිව පවරා තිබුණු නඩු දෙකෙන්ම මේ වනවිට එම සමාගම නිදහස් කර තිබේ. ඒ අනුව කොන්දේසි සහිතව යළිත් ව්යාපාරික කටයුතු ඇරඹීම සඳහා ඇවන්ගාඩ් සමුද්රාරක්ෂණ සමාගමට අවසර ලබාදීමට මෙම කැබිනට් පත්රිකාව ඉදිරිපත් කෙරෙන බව සඳහන්වේ.
ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විසින් සමාජ මාධ්යවල සහ ප්රධාන මාධ්යවල ප්රචාරය කළ දුරකථන සංවාදයක හඩපටයක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ හිටපු සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් එලෙස වැඩ තහනමට ලක් කිරීම වැරදි බවත් ඇය වහාම නැවත සේවයේ පිහිටුවන ලෙසත් පරිපාලන අභියාචනා විනිශ්චය සභාව පසුගියදා නියෝග කරන ලදී. එහිදී හෙළිවුවේ හිටපු සොලිස්ටර් ජනරාල්වරියගේ හඬ පටයක් ඔහු ස්ථාන 10න් පමණ සංස්කරණය කර ඇති බවයි.