මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු බවට මාධ්‍යවේදියාගේ දියණිය වෙනුවෙන් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයක පැවරූ නඩුව විභාගයට ගැනීමට තීන්දුකර ඇත.
ඒක්සත් ජනපදයේ යුක්තිය හා වගකීම පිළිබද භාරය විසින් මෙම නඩුව පවරා ඇති බවද ඊට අදාළ නිල ලියකියවිලි ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදුන් බවද පසුගියදා වාර්තා විය. මෙම නඩුව වෙනුවෙන් කටයුතු කිරීමට ගෝඨාභය රාජපක්ෂට සති 3ක කාලයක් ලැබෙන බවද ඒ කාලය තුලදී තමන්ට ඒරෙහිව නගන චෝදනා සදහා පිළිතුරුදීමට හෝ පිළිතුරුදීම ප්‍රතික්ෂේප කිරීමට චූදිතයාට හැකිය. තවද පැමිණිලි පාර්ශ්වය හා සාකච්ඡාකර නඩුව ඉවත් කිරීමේ ඒකගතාවක් ඇතිකර ගැනීමටද ඒම කාලය තුළ හැකියාව ඇති බව අමෙරිකානු නීති අංශ පැහැදිලි කර ඇත.
කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාහ කර සිටියේ මෙම චෝදනා දේශපාලන අරමුණු මත ඉදිරිපත්කරන ඒ්වා බවය. ඔහු ඒම නඩු කටයුත්ත සදහා ඉදිරිපත්වන්නේද නැද්ද යන්න පිළිබද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර මේ වනවිට ඔහුගේ පාර්ශ්වය විසින් ඉදිරි ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරක කාර්යයක් ලෙස ඒක්සත් ජනපද පුරවැසිභාවය ඉවත්කිරීමේ කටයුතු සම්බන්ධ ප්‍රචාරක කටයුත්තක් සිදුකරමින් පවතී.