Posted on 06.12.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කැසිනෝ ඇතුලු සුප්‍රකට ව්‍යාපාර ගණනාවක් හිමි බදු වංචනිකයකු බවට හෙළි වූ ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයකට පතකිරීම සම්බන්ධ ජනතා විරෝධය උත්සන්න වෙමින් පවතී.
කොළඹ කුරුඳුවත්තේ ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිටට අද (12) පෙරවරුවේ මෙම සාමකාමී විරෝධතාව සිදුවිය.
දිගු කාලයක් ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය පිහිටි කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට මිල අධික ඉඩමක ඉදි කර ඇති ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපස එක් රොක් වූ අරගලකරුවෝ බදු වාචංකරුවකු පාර්ලිමේන්තුවට යාම කෙරෙහි සිය කෝපය පළ කළහ.
පොදුජන පෙරමුණ වෙනුවෙන් පත් කළ මන්ත්‍රි බැසිල් රාජපක්ෂ, මුදල් ඇමති ලෙසත් ද්විත්ව පුරවැසියක් ලෙසත් සිදුකළ විනාශයන් සම්බන්ධ ජනතා විරෝධය උත්සන් විය. එහි ප්‍රතිඵලයක් ලෙස බැසිල් පසුගියදා ඉල්ලා අස් විය. ඉන්පසුව පුරප්පාඩුව සඳහා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ පවා නම සහන් නොවුණු බදු වංචාකාර ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කරනු ලැබිණි.
ඔවුන් විසින් විරෝධතාව පළ කරමින් ඉදිරිපත් කළ පුවරු සටන් පාඨ අතර, මෙසේ ලියා තිබිණි.
“කැසිනො රජා අපට එපා – කුණු ධම්මික අපට එපා!”
“කැසිනෝ රජා පාර්ලිමේන්තුවේ ද?”
“කුණු ගෙනාපු ධම්මිකයා – රටට කෙළපු පණ්ඩිතයා”
“ඔබ ඔබේ බදු ගෙවන්න!”
“ශ්‍රී ලංකාව කැසිනෝ සූදු පොලක් නොවේ, අපේ අනාගතය සමග සූදු කෙලින්න එපා!”