Posted on 06.10.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කැසිනෝවලින් රු.මි. 3760 ක් අය කරගෙන නොමැති බව හා එලෙස අය කර නොගත් බදු මුදල් ගිණුම්වල සටහන් කර නොමැති බවත් විගණාකාධිපති දේපාර්තුමේන්තුව සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී ඇත.
කැසිනෝවලින් අය කර ගත යුතු බදු මුදල් රු.මි. 4000 ක් වන අතර එයින් අය කර ගෙන තිබෙන්නේ රු.මි. 240 ක් බව ඔවුන් වාර්තා කර ඇත. ලංකාවේ බදු ව්‍යාප්තිය වන්නේ වක්‍ර බදු 88% ක් ද සෘජු බදු 12% ක් වන ලෙස වේ. මෙම වක්‍ර බදු සියල්ල අය කරන්නේ සාමාන්‍ය ජනතාවගෙන් වන අතර සෘජු බදු අය කරන්නේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් වේ . ව්‍යාපාරික ධනපතීන් විසින් ඔවුන් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිදු කරන වංචාවෙන් සිදු වන්නේ එම බදු මුදල් ද මහ ජනතාවට ගෙවීමට සිදු වේ . දිනපතා මහ ජනතාවගෙන් බදු අය කර ගැනීමට රජය කටයුතු කරන අතර ඒ සදහා අණ පණත් ද ගෙන එති. එහෙත් ව්‍යාපාරික ධනපතින් ගෙන් බදු අය කර ගැනීමට පැවති හා පවතින ආණ්ඩු කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන එය ද මහ ජනතාව වෙත පවරයි.