කියුබාවවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කරන ලෙස අමෙරිකාවට බල කෙරෙන උද්ඝෝෂණයක් ඔක්තෝම්බර් 31 පෙරවරු 10.00ට කොළඹ අමෙරිකානු තනාධිපති කාර්යාල ඉදිරිපිටදී පැවැත්වේ.
කියුබානු සහයෝගිතා දිනය ලෙස සැලකෙන මෙදින අමෙරිකාව ප‍්‍රමුඛ අධිරාජවාදී කඳවුර විසින් කියුබාවට එරෙහිව දිගෙන් දිගටම පවත්වාගෙන යන සම්බාධකවලට එරෙහිව ලොව පුරා වාමාංශිකයන් සහ ප‍්‍රගතිශීලීන් මෙසේ උද්ඝෝෂණ ව්‍යාපාරයන් පවත්වන්නට නියමිතය. ඊට සමගාමීව ලංකාවේදී පැවැත්වෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන අතර ඊට තවත් වාමාංශික පක්ෂ ඇතුළු බහුජන සංවිධානවල සහභාගීත්වය අපේක්ෂා කරන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.