Posted on 04.19.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් රාවුල් කැස්ත්‍රෝ ඉවත්ව යාමෙන් පසුව කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කනල් ඒ වගකීම සඳහා තෝරා පත්කර ගෙන ඇත.
අප්‍රේල් මාසයේ පැවති කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ 8 වැනි සම්මේලනයේ මධ්‍යම කාරක සභාව තෝරාගැනීම අප්‍රේල් 18 සවස සිදුකළ අතර ඉන්පසුව පක්ෂයේ නායක්තවය සංකේතවත් කෙරෙන පළමු ලේකම් ධුරය ලෙස මෙම තෝරා පත් කිරීම සිදු විය. පක්ෂයේ 14 දෙනකුගෙන් යුතු නව දේශපාලන මණ්ඩලය සහ ලේකම් මණ්ඩලය තෝරාගැනීම සාමාජික නියෝජිතයන්ගේ ඡන්දයෙන් සිදු විය. එහිදී මෙතෙක් දේශපාලන මණ්ඩලය නියෝජනය කළ 9 දෙනකු සහ නව සාමාජිකයන් 5 දෙනකු තෝරාගනු ලැබිණි. එම දේශපාලන මණ්ඩලය පසුදින රැස්වී පක්ෂයේ පළමු ලේකම් ධූරයට එනම් නායකත්වයට මිගෙල් ඩයස් කනල් තෝරා ගනු ලැබිණි.
දීර්ඝ කාලයක් පළමු ලේකම් ලෙස පක්ෂ නායකත්වය ෆිදෙල් කස්ත්‍රෝ විසින් දරණ ලද අතර ඉන්පසුව එම තනතුරට පත් කරනු ලැබුවේ ෆිදෙල්ගේ බාල සොයුරු රාවුල් කස්ත්රෝය.
අප්‍රේල් 19 වැනිදා පැවති සමුළුවේ අවසන් දිනයේදී ඡන්ද ප්‍රකාශ කිරීම සම්බන්ධ සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් වූ අතර එහිදී සාමාජිකයන් 100%ක් ප්‍රකාශ කළ ඡන්ද වලංගු ඡන්ද බවද මධ්‍යම කාරක සභාව තෝරාගැනීමේදී 99.32%ක ඡන්ද හිමිව ඇති බවද අනාවරණය විය.
පත්කරගන්නා ලද කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සාමාජිකයන් මෙසේය
ජුවාන් ඒස්ටබාන් ලසො හර්නැන්ඩෙස් – කියුබානු ජනරජයේ ජනතා බලය පිළිබඳ ජාතික ව්‍යවස්ථාදායකයේ සහ රාජ්‍ය මණ්ඩල සභාපති
සැල්වදෝර් වැල්ඩෙස් මෙසා – කියුබාන් ජනරජයේ උප ජනාධිපති
රොබර්ෝ මොරාලෙස් ඔජෙඩා – උප අගමැති
අල්වාරෝ ලෝපෙස් මීරා – විප්ලවවාදී සන්නද්ධ හමුදාව භාර ඇමති
බෘනෝ රොඩ්රිගස් පැරිල්ලා – විදේශ කටයුතු ඇමති
යුලිසස් ගෙලාට් ඩි නසිමෙන්ටෝ – කියුබානු කම්කරු ෆෙඩරේෂනයේ ප්‍රධාන ලේකම්
තෙරේසා මරියා අමරිලි බියු – කියුබාන් කාන්තාවන් පිළිබඳ ජාතික මණ්ඩලයේ ප්‍රධාන ලේකම්
මරියා අයලා අවිලා – කියුබානු ජාන ඉංජිනේරු හා ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ
මනුවෙල් මුරෙරෝ කෘස් – අගමැති
ජෝසේ අමඩෝ රිකාඩෝ ගෙවාරා – ඇමති ලේකම් මණ්ඩලය
ලුවි ඇල්බටෝ රොඩ්රිගස් ලොපෙස්-කලිජා – ව්‍යාපාර පාලන මණ්ඩලයේ විධායක සභාපති
ලසාරො ඇල්බටෝ අල්වාරෙස් කසාස් – අභ්‍යන්තර කටයුතු ඇමති
ග්ලැඩිස් මාටිනස් වර්ඩෙසියා – අර්ටෙමිසා ප්‍රාදේශීය පක්ෂ කමිටුවේ පළමුවෙනි ලේකම්
ඉන්පසුව පක්ෂ ලේකම් මණ්ඩලයේ සෙසු සාමාජික නම් සහ වගකීම් ප්‍රකාශයට පත් කෙරිණි.
රොබර්ටෝ මොරාලෙස් ඔජෙඩා – සංවිධාන හා පක්ෂ කාඩර්වරුන්ගේ ප්‍රතිපත්ති
රොජලියෝ පොලන්කෝ ෆුඒන්ටෙස් – න්‍යායාත්මක අංශය
ජොයෙල් ක්විපෝ රුස් – ආර්ථික අංශය
ජෝසේ රාමොන් මොන්ටගුඩෝ රුස් – කෘෂි ආහාර අංශය
ෆිලික්ස් ඩුආටේ ඔටේගා – කර්මාන්ත, ඉදිකිරීම්, සංචාරක, ප්‍රවාහන හා සේවා අංශය
ජෝර්ජ් ලුවී බ්රොචේ ලොරොන්සෝ – අධ්‍යාපන, ක්‍රීඩා හා විද්‍යා අංශය