Posted on 03.20.2020 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
කියුබාව විසින් MS Breamar නම් බ්‍රිතාන්‍ය නෞකාවට තම රටට ඇතුලු වීමට අවස්ථාව ලබාදී තිබුණේ කියුබාව තුළ පළමුවරට කොරෝනා අසාදිත රෝගියෙකු මිය ගිය දිනයේම බව වාර්තා වේ. පසුගිය සතියේ කියුබාවේ ප්‍රතිකාර ලබමින් සිටි 61හැවිරිදි ඉතාලි ජාතික කොරෝනා රෝගියෙකු මියගොස් තිබුණි.
එදිනම MS Breamar නම් බ්‍රිතාන්‍ය නෞකාවට තම වාරයේ නැංගුරම් ලෑමට කියුබාව ඉඩ ලබාදෙන ලදී. එම නෞකාව තුළ කොරෝනා රෝගීන් පස්දෙනෙකු සිටි අතර 52කට ආසන්න පිරිසක් කොරෝනා රෝග ලක්ෂණ සහිත වූවන් විය. බහුතරයක් බ්‍රිතාන්‍ය ජාතිකයන් වූ එම නෞකාවේ සිටි 1000වැනි පිරිස තම රට තුළ ගෙන්වා ගත් කියුබාව ගුවන් මගින් ඔවුනොවුන්ගේ රටවලට යාමට පහසුකම් සැපයූ බව වාර්තා විය. මේ නෞකාව තම රටට ඇතුලු කරගැනීම ඇමරිකාව ඇතුලු රටවල් කිහිපයක්ම ප්‍රතික්ෂේප කිරීම නිසා දින කිහිපයක් දියඹේ නැංගුරම් දමා තිබී ඇත. පසුව බ්‍රිතාන්‍ය රජය කියුබාවෙන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් එම නෞකාවට තම රටට ඇතුලු වීමට අවසර ලබාදී තිබුණි. එම පිළිබඳ අදහස් දක්වමින් කියුබාව සඳහන් කර සිටියේ සෞඛ්‍ය මානව අයිතියක් ලෙස සළකා මෙන්ම වයිරසයට මුහුණ දීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා තමන් මෙම නෞකාවට ඉඩ ලබාදුන් බවයි.
තම රට තුල මේවනවිට කොරෝනා රෝගීන් දස දෙනෙකු වාර්තා වී ඇති බව කියුබානු සෞඛ්‍ය අංශ පවසයි. එම පිරිස ඇමරිකාව, සෞදි අරාබිය වැනි රටවල සංචාරය කර පැමිණි පිරිසකි.