தமிழ்
English
Contact
Monday 6th May 2019    
කිරළාගල නටඹුන් මත ඡායාරූප ගත් සිසුන් රක්ෂිත බන්ධනාගාරයට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කිරළාගල නටඹුන් මත ඡායාරූප ගත් සිසුන් රක්ෂිත බන්ධනාගාරයට!



කිරළාගල පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍ය මත නැග ඡායාරූප ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනා ඊයේ(24) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

හොරොව්පතාන කිරළාගල පුරාවිද්‍යා භුමියේ නටබුන් චෛත්‍යයක් මත නැගී ඡායාරුප ගෙන ඒවා ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී තිබුණි. අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් වන ඔවුන් එම විශ්වවිද්‍යාල භූමිය තුළදී හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.