தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
සිරිසගබෝ සිටියේ අත්තනගල්ලේ නොව රාජාංගනයේලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිරිසගබෝ සිටියේ අත්තනගල්ලේ නොව රාජාංගනයේලු!



ජනප්‍රවාදයේ පැවැති ඓතිහාසික පුවතක් ලෙස වසර සිය ගණනක් කියනු ලැබු ශ්‍රී සංගබෝධි රජු හිස දන්දුන් ස්ථානය රාජාංගණය හත්ථිකුච්චි විහාරය බවට පර්යේෂණයකින් සනාථ කළහැකි වූ බව අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය ඊයේ (14දා) ප්‍රකාශ කර ඇත.

අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වරදිවෙල විජයසුමන හිමි විසින් ප්‍රකාශ කරන ආකාරයට 2013 සිට සිරි සගබෝ සම්බන්ධ ජනප්‍රවාද අළලා කළ දීර්ඝ අධ්‍යයනයකින් හා පර්යේෂනයකින් මෙම කරුනු ස්ථිරව තහුවරු කිරීමට භික්ෂු විශ්වවිද්‍යාලය සේවය කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුවගේ මූලිකත්වයෙන් කළ පර්යේෂනයෙන් හැකි වී ඇත. රාජාංගනය හත්ථිකුච්චි විහාරය ආශ්‍රිතව එතෙක් අනාවරණය කරගෙන නොතිබූ සෙල්ලිපි 68ක් අධ්‍යයනය කරමින් ආරම්භ කළ පර්යේෂණයක් අවසානයේ මෙලෙස ඉතිහාසයේ ප්‍රබල පුවතක් වෙනස් කිරීමට හැකි වූ බවත් උපකුලපති හිමියෝ ප්‍රකාශ කළහ. මේ දක්වා ජනප්‍රවාදයේත්  ඓතිහාසික ලේඛනවලත් සඳහන් පරිදි විශ්වාස කෙරුණේ ක්‍රිස්තු වර්ෂ 3 සියවසේ  අනුරාධපුර රජ කළ සිරිසඟබෝ රජු මගියාට හිස දන්දුන් සුප්‍රකට කතාවේ සඳහන් ස්ථානය ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල බවය. 

හත්තිකුච්චි නටබුන් ස්ථානය
අත්තනගල්ල විහාරයේ දසුනක්