කුවේට්හිදී ගෘහ පාලකයන්ගේ හිරිහැරයට පත් 57ක් පැමිණෙති!


ගෘහසේවයෙන් පීඩා විදි ලාංකිකයන් 57 දෙනකු අද (1) කුවේටයේ සිට ලංකාවට පැමිනි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
අද පෙරවරු 6.15ට පමණ ශ‍්‍රීලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ලංකාවට පැමිණි මෙම 57 දෙනා අතර පිරිමි 9 දෙනකු සහ කාන්තාවන් 48 දෙනකු සිටිති. මෙසේ ලංකාවට පැමිණි පිරිස ලංකාවට පිටත්කර එවන්නට පෙරාතුව කුවේටයේ ලංකා තානාපති කාර්යාලය විසින් ප‍්‍රශ්න කරන ලද බවද සදහන් වේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් එම පිරිස සිය නිවෙස් කරා යැවීමට කටයුතු යොදා ඇත.

Chandana Sirimalwatte :