தமிழ்
English
Contact
Friday 24th September 2021    
කෙරවලපිටිය ගනුදෙනුවට අපි අත් උස්සන්නෙ නෑ! - දයාසිරි ජයසේකර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෙරවලපිටිය ගනුදෙනුවට අපි අත් උස්සන්නෙ නෑ! – දයාසිරි ජයසේකර



කෙරවලපිටිය, යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණයට සහය දක්වන්නේ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, ය දයාසිරි ජයසේකර පවසයි.

ලංකාවේ විදුලිබල ඒකාධිකාරය වෙනත් රටකට යාමේ ඉඩක් ඇති නිසා ඒ ආකාරයෙන් විනාශයකට යන තීරණයක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ අත උස්සන්නට තම පක්‍ෂය සූදානම් නැති බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත්, මෙම තීරණය ගෙන ගිවිසුමද අත්සන් කර ඇති බව අනාවරණය වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතිය ඇතත් නැතත් සමාගම හා රජය අතර ගිවිසුම ක්‍රියාත්මක වෙමින් තිබේ.