Posted on 01.08.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බතික් හා අත්යන්ත්‍ර පේෂකර්ම රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර කොරෝනා ආසාදනය පිළිබඳ සැකය මත නිරෝධායනයට යවා ඇතැයි වාර්තා වේ.
බතික් හා අත්යන්ත්‍ර පේෂකර්ම රාජ්‍ය ඇමතිවරයා නිරෝධායනය සඳහා යොමු කර තිබෙන්නේ ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේ හෝටලයකට බවද අනාවරණය වී ඇත.
පසුගිය කාලය පුරාම කොරෝනා රෝගය සම්බන්ධ ආණ්ඩුවේ පිලිවෙත් ජනතාවගේ අවශ්‍යතා වෙනුවට ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයකට ගෙනයාම සම්බන්ධ විවේචන එල්ල විය. ආණ්ඩුවේ සාමාජිකයකු ලෙස, රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර ආණ්ඩුවේම වගකීම් විරහිත වසංගත රෝග පාලන පිළිවෙතට ගොදුරු වූ පුද්ගලයක් ලෙස දැක්විය හැකිය.