Posted on 01.05.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හංවැල්ල, තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිල ධම්මසිරි හිමි පැහැරගෙන ගොස් ඝාතනයකර පුළුස්සා දැමීමේ අපරාධයට සැක පිට පුද්ගලයන් 4 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හංවැල්ල පොලිසිය පවසන ආකාරයට පොලිස් නිලධාරිනියකගේ සැමියකු පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බවත් සැකකරුවන් අතර ආරණ්‍ය සේනාසනයේ වැඩවසන සාමනේර හිමිනමකගේ මාපියන් ද සිටින බවත් වාර්තා වේ.
ජනවාරි 2දා කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයට වෑන් රථයක පැමිණි සැකකරුවන් එහි සිටි ගිහියන් දෙනෙකු දණගස්වා තර්ජනය කොට 65 හැවිරිදි ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් තිබුණි. ඉන්පසුව ඊයේ දින පැහැර ගත් ස්වාමීන් වහන්සේ බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් කොටදෙනියාව නාවාන පොදු සුසාන භූමියේ තිබී හඳුනාගෙන ඇති අතර සිරුර වලදැමීම සදහා සුසාන භූමියේම කුඩා වලක් ද කපා තිබූ බව පොලිසිය කියයි.