කොළඹ කුණු ඉවත් කර පෙන්වන්න, චම්පිකගෙන් රෝසිට අභියෝගයක්!

මීතොටමුල්ල වැනි තවත් කුණු කන්දක් බිහීවීම නැවැත්වීමට හැකි වුයේ තමන්ගේ මැදිහත් වීමෙන් කොළඹ නගරයේ කසළ ඉවත්කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

කොළඹ නගරයේ කසළ බැහැර කිරීම අර්බුදයක් වූ පසුව ඒවා කරදියාන ප්‍රදේශයේ කසල අංගනයට ගෙන යාමේ පියවර සිහිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. තවදුරටත් අදහස් දක්වමින් කොළඹ මහනගරසභාව විසින් කසල බැහැරකිරීමේ කටයුතු නිසි කළමනාකරණයක් නොමැතිව පවත්වාගෙන යාම හේතුවෙන් මෙම ගැටළු උද්ගත වී ඇති බව ඇමති චම්පික පවසයි. එමෙන්ම තම අමාත්‍යාංශයට ඕනෑම අවස්ථාවකදි කොළඹ කුණු කළමනාකරණ ක්‍රියාවලියෙන් ඉවත් විය හැකි බව පෙන්වා දෙමින් ඇමතිවරයා කොළඹ පුරපති රෝසි සෙනානායකට අභියෝගාත්මකව පවසන්නේ හැකි නම් නිසි ලෙස එය කළමනාකරණය කර පෙන්වන ලෙසටය.

Chandana Sirimalwatte :