தமிழ்
English
Contact
Friday 27th May 2022    
කොළඹ ප්‍රභූ නිවාසවලට හානි කළ පිරිස දඩයම් කරන පොලිසි මාරු වෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹ ප්‍රභූ නිවාසවලට හානි කළ පිරිස දඩයම් කරන පොලිසි මාරු වෙයි!



මැයි 9 දින අරලියහග මන්දිරය ඉදිරිපසදී හා ගාලුමුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමට ප්‍රතිචාර ලෙස කොළඹ පොදුජන පෙරමුණු මැතිඇමැතිවරුන්ගේ නිවෙස්වලට පහර දීම සම්බන්ධව පරීක්ෂණ, පොලිසියේ බස්නාහිර පළාත් අපරාධ අංශයේ සිට දකුණ අපරාධ කොට්ඨාසයට පවරා ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම පරීක්ෂණ බාර දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. නුගේගොඩ පොලිස් කෙට්ඨාසයේ හා ගල්කිස්ස පොලිස් කොට්ඨාස දී හානි වු මැති ඇමති නිවාස 13 සම්බන්ධ සිදුවීම් මෙලෙස විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, ජයන්ත කැටගොඩ, ගීතා කුමාරසිංහ, සීතා අරඹේපොළ සහ ජගත් කුමාරගේ නිවාස වටල හානි කර ඇති බවත්, ඇතැම් විට එකම ප්‍රභූවරයාට අයත් බව හඳුනාගත් නිවාස කිහිපයක්ම ජනතාවගේ ප්‍රතිප්‍රහාරයට ලක්ව ඇත.

කෙසේවෙතත්, විරෝධතාකරුවන්ට පහරදීම සම්බන්ධව මැර කණ්ඩායම් සංවිධානාත්මකව අරලියගහ මන්දිරයට ගෙන්වා ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යොමුකළ මහින්ද රාජපක්ෂ ඇතුළු මැර දේශපාලන ප්‍රභූවරුන් පොලිසිය විසින් අත්අඩංගුවට නොගත් තත්වයකදී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම පමණක් දිගටම සිදුවන බව චෝදනා නැගී ඇත.