අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිය, සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණය අසළදී තර්ජනය කිරීම සහ අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සය මාසයක සිරදඬුවම් විදිමින් සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර වෙත මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව වසර 05කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය විසින් අද(08) නියෝග කරණ ලදී.
සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදී සිදුකළ අවමන් හා තර්ජන සම්බන්ධයෙන් විභාගකර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් සය මසක සිර දඬුවමක් නියම වී තිබුණද ඊට එරෙහිව ඇපෑලක් යොමු කරනු ලැබූ නිසා එම සිද්ධියට අදාළව ඥානසාර භික්ෂුව ඇප මත සිටි අතර අද එම නඩුව කැඳවූ හෝමාගම මහාධිකරණය සය මාසයක සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය. කෙසේ නමුත් අධිකරණයට අපහාස කිරීමේ නඩුව සම්බන්ධයෙන් තවදුරටත් සිරදඬුවම ක්‍රියාත්මකය.