Posted on 02.23.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සංඛපාල ගල්බොක්කයාය කඳු වැටිය විනාශ කරමින් ඩොලමයිට් හා කැල්සියම් සිලිකේට් ඛනිජ පාෂාණ කැනීම සඳහා සමාගමකට අවසර ලබා දීමට එරෙහිව සංඛපාල ගල්බොක්ක යාය කඳු වැටිය සුරැකීමේ ජනතා ව්‍යාපාරය, YOUTH FOR CHEnge, සොබාදහම් පාසල හා ගම්වාසීන් එක්ව සංවිධානය කල විරෝධතාව අද(23) සංඛපාල ගල්කොරිය හන්දියේ දී පැවැත්විණ
ගල්බොක්කයාය ජල පෝෂක රක්‍ෂිත කදුවැටියේ අක්කර දෙසිය පනහක කොටසක් පෞද්ගලික සමාගමකට පවරා දීමට බලධාරීන් කටයතු කර තිබේ.
එහි කැණීම් සිදු කළහොත් විශාල පරිසර හානියක් මෙන්ම කදුවැටිය ආශ‍්‍රිත ගම්මාන වල ජීවත් වන ජනතාවට ගැටැලූ රැසකට මුහුණ දීමට සිදුවෙන බව විරෝධතාකරුවන් පවසයි.
