Posted on 10.14.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බලංගොඩ පින්නවල ප්රදේශයේ වතුයායක දලු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙක් ගසකට යටවීමෙන් මියගොස් ඇති බව පින්නවල පොලීසිය පවසා තිබේ.
අද (14) උදේ 9.30ට පමණ මෙම අණතුර සිදුවි ඇත.
පින්නවල වලවවත්ත වතුයායේ පිරිසක් සමග දලු නෙලමින් සිටියේදි ප්රදේශයේ පැවැති වර්ෂාව සහ අධික සුළග හේතුවෙන් ඇල්බිසියා ගසක් උදුරා වැටිමෙන් කාන්තාවන් තිදෙනෙකු එයට යට වි ඇත.
ප්රදේශවාසින් එක්ව ගස ඉවත් කර කාන්තාවන් තිදෙනා බලංගොඩ මුලික රෝහලට ඇතුලත් කර තිබේ. ඒ වන විටත් කාන්තාවන් දෙදෙනෙක් මිය ගොස් තිබෙන අතර අනිත් කාන්තාව බරපතල තත්වයේ බලංගොඩ මුලික රෝහලේ ප්රතිකාර ලබන බව වාර්තා වේ.
මෙසේ මරණයට පත්වි ඇත්තේ එම ප්රදේශයේම පදිංචි සෙල්ලයියා පරමේශ්වරි සහ සන්දනම් රෝස්මමේරි යන කාන්තාවන් දෙදෙනායි.