Posted on 12.19.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂ අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනිදින දක්වා වසා තැබීමට තීරණය කර තිබේ.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසල් 26ක් ඊයේ (18) දින දක්වා වසා තැබීමට මීට පෙර තීරණය කොට තිබුණි.
ඒ අනුව එළඹෙන සතියේ සදුදා, අගහරුවාදා සහ බදාදා දින ද ගාල්ල කොට්ඨාශයේ පාසල් වසා දැමීමට තීරණය කළ බවද පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසා තිබේ
නව පාසල් වාරය ජනවාරි 04 වැනිදින ආරම්භ වීමට නියමිතව ඇත.