Posted on 01.05.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ගෑස් ටැංකි පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා ලිට්ට්රෝ සමාගමේ නිලධාරීන් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැතැයි රහස් පොලිසිය තමාට දැනුම් දුන් බව සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් පවසයි.
ගෑස් ටැංකි පිපිරීම සම්බන්ධව කඩිනමින් විභාග කර වැරදිකරුවන්ට නීති පියවර ගන්නැයි දෙසැම්බර් 7 වැනිදා සමගි ජන බලවේග මන්ත්රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව කී මුජුබර් රහුමාන් එම පරීක්ෂණ වල ප්රගතිය සොයා බැලීම සඳහා අද(5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ රහස් පොලිසිය මෙම දැනුම්දීම කළ බවද පවසා තිබේ.
අදාළ ගෑස් පිපිරීමේ සිද්ධි සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හතරක් ද පැමිණිලි කර තිබෙන බවත් ඒ පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලා ඇති නමුත් තවමත් එය ලැබී නොමැති බව රහස් පොලිසිය දැනුම් දුන් බවත් මුජුබර් රහුමාන් පවසයි.
ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් පැහැදිලිවම අපරාධයක් සිදු වී තිබෙන්නේ යැයි කී රහුමාන් නමුත් නීතිය ක්රියාත්මක නොකරන්නේ මේ පිටුපස දේශපාලකයන් සිටින නිසා බව පැහැදිලි යැයිද සඳහන් කරයි.රජයේ සමාගමක් වන ලිට්රෝ සමාගමෙි නිලධාරීන් පත් කරන්නේ මුදල් ඇමැතිවරයා බවත් මෙි අනුව ආණ්ඩුව නීති ක්රියාමාර්ග නොගැනීමට හේතුව පැහැදිලි බවත් මුජුබුර් රහුමාන් පවසයි.