Posted on 06.22.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් ජනතා විරෝධතා මර්දනය කරනු පිණිස අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරින් අත්අඩංගුවට ගෙන ඇති අතර අරගලයේ ක්‍රියාකාරි මාධ්‍යවේදින්ද දඩයමට ඉලක්ක කර ඇත.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම එහි එක් අවස්ථාවකි.
ඔහුට මේ ආකාරයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමක් කර ඇත්තේ ගුවන් හමුදා ඔත්තු අංශය විසින් කළ බව කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් විභාග කිරීමටය.
පොලිසිය විසින් මාධ්‍යවේදී තරිඳුට දැනුම් දී ඇත්තේ එම පැමිණිල්ල සම්බන්ධ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ජූනි 28 වැනි අඟහරුවාදා කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු මූලස්ථානයේ පෙනී සිටින ලෙසය.