ගිනිගත්හේන, පොල්පිටිය බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා අවතැන්වූ ජනයා විසින් එම විදුලි බල ව්‍යාපෘතියේ පරිපාලන ගොඩනැඟිල්ල අත්පත් කර ගනු ලැබු බවට ජනමාධ්‍ය වාර්තා කරයි.
චීන රජයේ ආධාර යටතේ කැළනි ගග හරස්කර ඉදිවන බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් චීන සමාගමක් විසින් සිදු කරනු ලබයි. ව්‍යාපෘතියේ පළමු අදිරය යටතේ ව්‍යාපෘතිය නිසා හඳුනාගත් අවතැන් වු පවුල් 27 කට වන්දි මුදල් ගෙවා ඉන් ඉවත් කළ බව නිවේදනය කර තිබිණි. එම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරමින් එම ව්‍යාපෘතියේ පොල්පිටියේ සිට කිතුල්ගල කළුබෝතැන්න දක්වා ඉදි කළ උමං මාර්ගය හේතුවෙන් එම උමඟට ඉහළින් වු පොල්පිටියේ ගමේ තවත් පවුල් 40 ක් වන්දි මුදල් ගෙවා ඉවත් කිරීමට නියමිතය. එසේ ඉවත් කළ පවුල් 40 ක් පදිංචි වි සිටි නිවාස සහ ඔවුන්ගේ ඉඩ කඩම් තක්සේරු කර එම පවුල්වලට කඩිනමින් තක්සේරු කළ වන්දි මුදල් ගෙවන බවට ව්‍යාපෘති භාර අධ්‍යක්ෂකවරයා විසින් පොරොන්දු වි එම පවුල්වලට කුලී පදනම මත නිවාස ලබා ගැනීම සඳහා මසකට රු 30000 ක කුලි මුදලක් ව්‍යාපෘතිය මඟින් ගෙවනු ලැබුවේය.
එම ව්‍යාපෘතියේ පරිපාලන ගොඩනැඟිල්ල අත්පත් කර ගත් අවතැන් වු ජනතාව කියා සිටින්නේ මෙම ව්‍යපෘතියේ වැඩ කටයුතු අවසන් අදිරයේ පවතින බවත්, තමන්ට ලබාදිමට නියමිත වන්දි මුදල් ලබාදෙන බවට ව්‍යපෘති බාර අධ්‍යක්ෂකවරයා විසින් ලිඛිතව ලබාදුන් පොරොන්දුවද මේ වන විට කඩ කර කුලි මුදල පමණක් ගෙවන බව අවතැන් වු ජනතාව පවසති. තමන්ට හිමි වන්දි මුදල ලැබෙන තෙක් අද දින බලහත්කාරෙන් අත්පත් කරගත් ගොඩනැඟිල්ලෙන් ඉවතට නොයෙන බව අවතැන්වූ ජනයා කියා සිටිති.