தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
ගුරු-විදුහල්පති වර්ජනයෙන් පැය කෝටි ගානක් පාඩුයි - අධ්‍යාපන ඇමති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු-විදුහල්පති වර්ජනයෙන් පැය කෝටි ගානක් පාඩුයි – අධ්‍යාපන ඇමති



මාර්තු 13 වැනිදා ක්‍රියාත්මක කළ ගුරු හා විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා පාසල් දරුවන්ට ඉගෙනුමට තිබුණු පැය කෝටි ගණනක් නාස්ති වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

අමාත්‍යවරයා ඊයේ(14) මේ බව පැවසුවේ, පාසල් වලට තාක්ෂණික උපකරණ ප්‍රදානය සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා 13 වැනිදා දීපව්‍යාප්තව පැවති ගුරු සහ විදුහල්පති වැඩ වර්ජනය ගැන මෙසේ අදහස් දැක්වීය.

“2015 උපාධි ගුරුවරයෙකුගේ වැටුප රු 16,100යි. වර්තමානයේ එය රු 33,700ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මෙය 33%ක වැඩිවීමක්. දීර්ග කාලයක් තිස්සේ තිබුණ ප්‍රශ්නයක් එක මොහොතකින් ඉවර කරන්න බැහැ. ඊයේ සිදු කළ වර්ජනය නිසා පැය කෝටි ගණනක් අපතේ යැවුණා. මෙවැනි වර්ජන මගින් අධ්‍යාපන පද්ධතිය කඩාකප්පල් කරන්න එපා කියල අපි ඉල්ලනව.”

පසුගිය වසරේ ගංවතුරින් විපතට පත් පාසල් 142 ක් සඳහා, මිලියන 70ක් වටිනා උපකරණ ප්‍රදානය කිරිම මෙහිදී සිදු විය. බස්නාහිර පළාතේ පාසල් 19ක්, සබරගමු පළාතේ පාසල් 114 ක්, දකුණු පළාතේ පාසල් 08ක් හා සබරගමු පළාතේ කලාප කාර්යාල 02ක් සඳහා මෙසේ උපකරණ බෙදා දෙනු ලැබීය.