தமிழ்
English
Contact
Friday 3rd May 2019    
වැඩවර්ජන ගැන අකිල විරාජ්ගෙන් අනතුරු ඇගවීමක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වැඩවර්ජන ගැන අකිල විරාජ්ගෙන් අනතුරු ඇගවීමක් !



බලයට පත්වන ආණ්ඩුවක් සමඟ රජයේ සේවකයන් වැඩ කළ යුතු බවද එසේ නොකිරීම ආණ්ඩු විරෝධීවීමක් පමණක් නොව රාජ්‍ය විරෝධී වීමක් බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අනතුරු අගවයි.

අධයාපන ඇමතිවරයා 2019 නව වසරේ අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් එම නිලධාරීන් අමතමින් මේ බව ප්‍රකාශ කර ඇත. පක්ෂ, පාට භේදයක් නැහැ. පක්ෂ, පාට භේදයකින් තොරව අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් සියලු දෙනාම එක අරමුණකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පවසා තිබේ. ප්‍රතිඵල ලබාගත හැකි ආකාරයට ප්‍රතිපත්ති සහ තීරණ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගන්නා විට ඒ ප්‍රතිපත්ති සහ තීරණ නියමිත පරිදි ක්‍රියාවට නැංවිය යුතුව ඇති බවද ඇමතිවරයා අවධාරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අතීතයේ ආකාරයටම සේවක අයිතිවාසිකම් වෙනුවට රාජ්‍ය සේවකයාගේ වගකීම් අවධාරනය කරමින් සිටී. අවම වැටුප් තත්වයක සේවය කරන රාජ්‍ය සේවකයන් සම්බන්ධ ඇමතිවරුන්ගේ ආකල්පය වන්නේ නියෝග ක්‍රියාත්මක කිරීම පමණක් රාජ්‍ය සේවක වගකීම බවයි. අයිතිවාසිකම් ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම රාජය විරෝධී බව පවසමින් සේවක මර්දනයට සැරසෙන බව මෙයින් ඇගවුම් කෙරෙන බව පෙනේ.