Posted on 04.17.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ තරග කරන්නේ නම් ඒය සිදුකළ යුතු ආකාරය සම්බන්ධව අදහස් තමන් විසින් ගෝඨාභය වෙත ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්ර් වාසුදේව නානායක්කාර පවසා ඇත.
ඊයේ (16) ප්රජාතන්ත්රවාදී වාමාංශික සන්ධානය සමග ගෝඨාභය පැවැත්වූ සාකච්ඡාවේදී තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවද වාසුදේව මන්ත්‍රිවරයාගේ සහාය ඒයට අවශ්‍ය බවද පවසා ඇත. පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පැමිණීම පිළිබද විරෝධය හා අප්‍රසාදය පළ කළ පුද්ගලයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් වාසුදේව නානායක්කාර හමුවීමට කටයුතු කර ඇත්තේ සිය උපදේශකයන්ගේ උපදෙස් මත බව දැනගන්නට ඇත.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා කළද වාසුදේව නානායක්කාර වැනි ජ්යෝෂඨයන් පැවසුවේ චමල් රාජපක්ෂ වැන්නකු විපක්ෂයෙන් ඉදිරිපත් කිරීමෙන් පුලුල් සහයෝගයක් අපේක්ෂා කරගත හැකි බවය. විශේෂයෙන් ගෝඨාභය සම්බන්ධයෙන් ඇති සමාජ චිත්‍රය ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට හානිකර වන බවට වාසුදේව නානායක්කාර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.