Posted on 10.09.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මරණ තර්ජන ඇති බව පවසමින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසිබල සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමෙන් පසු තමන්ට මෙලෙස මරණ තර්ජන ඇති බව ඔවුන් සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ.
මීට පෙර වාචිකව මේ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවත් පසුව එය ලිඛිතව දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
නඩු කටයුතු ආරම්භ වීමෙන් පසු දිගින් දිගටම සිදු කරන වෛරී ප්‍රකාශන,තර්ජන අඩුවනු ඇතැයි බලා සිටියද එසේ සිදු නොවු බවත් ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පැමිණිල්ලක් සිදු කළ බවත් පවසා තිබේ.