ගෝඨා ජනාධිපතිවරණයකට සූදානම්ලු!

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජනතාව සුදානම් නම් තමන්ද සුදානම් බව ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

වියත් මඟ සංවිධානයේ සුහද හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබුනේ සමහරුන් ජාතිකත්වය වැරදි ලෙස පාවිච්චි කිරීමෙන් එය ජාතිවාදය දක්වා ගිය බවයි.

එසේම අලුත් ව්‍යවස්ථාවකින් රට බෙදෙනවා කීමෙන් ජනතාවට බලපෑමක් කළ නොහැකි බවත් ශ්‍රී ලාංකිකයෙක් ලෙස හඳුනාගැනීමේ වැදගත්කම සහ රටක් ලෙස එකට සිටීමේ වැදගත්කම ගැන කතා කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත . ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ලෝකයේ නායකයන් රටවල් දියුණු කරේ ඒ ආකාරයට බවයි.

ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් කලක් කියමින් සිටියේ තමන් දේශපාලනයට නොඑන බවයි. පසුව මහින්දගේ ආශීර්වාදය ඇතොත් පැමිණෙන බව පැවසීය. තවදුරටත් එය සාර්ථක නොවන තැන ඔහුගේ බල ව්‍යාපෘතිය ඉදිරියට ගැනීමට තීරණය කර ඇති බව පෙනේ.

Sithara Sajeewani :