ගෝඨා ජනාධිපතිවරණයට එන බව රොයිටර් පුවත් වෙත කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොයුරු ආරක්ෂක අමාත්‍යංහයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට පැමිණෙන බව රොයිටර් පුවත් සේවයට ප්‍රකාහයක් ලබා දෙමින් පවසා ඇත.

පසුගියදා සිදුවු මරාගෙන මැරෙන බෝම්මබ ප්‍රහාර සම්බන්දයෙන් අදහස් දක්වමින් තම ආණ්ඩුව කාලයේ බුද්ධි අංශ ශක්තිමත්ව පවත්වාගෙන ගියත් වත්මන් ආණ්ඩුව ආරක්සක කටයුත= දුර්වල කළ නිසා මෙවැනි තත්වයක් ඇති වූ බව ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත. ආරක්ෂක අමාත්‍යංහයේ හිටපු ලේකම් වරයා පවසා ඇත්තේ ඉස්ලාමීය අන්තවාදින් මෙල්ල කිරීමට තමන් අදහස් කරන බවය. මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් නැවත වරක් දේශපාලන වලංගුභාවයක් ඇතිකරගන්නට උත්සාහ දරනවුන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ ආරක්ෂක අමාත්‍යංහයේ හිටපු ලේකම් ගෝඨාභයද සිටී.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට පැමිනෙන්නේ ක=මන ආකාරයෙන්ද යන්න තවමත් ගැටලුවක්ව තිබේ. එක් පැත්තකින් ඔහුට එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත්කරගැනීමට කාලයක් ගතවන නිසා ජනාධිපතිවරණයක අපේක්ෂකයකු වීමට නෛතික බාධාවක් තිබේ. අනෙක් අතට මහින්ද රාජපක්ෂ විසින් පසුගිය කාලය පුරාම තම පක්සයේ ජනාධිපති අපේක්ෂකත්වය කවුදැයි නොපවසා කල් මැරීමක නිරත විය. ඒ අතර ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ වැනි කිහිප දෙනකු ඉදිරිපත් කරන්නට සූදානම් බවට ආරංචි පැතිර ගියේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එන්නේදැයි මෙරට මාධ්‍යෙව්දින් වෙතද ඍජු පිළිතුරක් නොදී සිටි අතර විදේශ මාධ්‍ය හරහා මෙසේ තම අදහස පළ කිරීමට ඔහු කටයුතු කර ඇත.

Chandana Sirimalwatte :