ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට තමන් සම්බන්ධ බවට ජනාධිපතිවරයා කර ඇති චෝදනාව සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස සරත් ෆොන්සේකා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගිය සති අන්තයේ විදේශ මාධ්‍යවේදීන් හමුවූ ජනාධිපතිවරයා කියා සිටියේ ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ සරත් ෆොන්සේකා අගමැති කිරීමට කිසිදු කැමැත්තක් නොමැති බවයි.
සරත් ෆොන්සේකා මෙහිදී පැවසුවේ “පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.”