මීළග ජනාධිපතිවරයා පොදුජන පක්ෂයෙන් පත්වන බවට පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ විසින් කළ ප්‍රකාශය කිසිදු පදනමක් නැති කතාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.
බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂගේ සහෝදරයකුවන නමුත් ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ අරමුනින් කකටයුතු කරයි. එහෙත් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා පවසන්නේ වඩාත් පරිණත දේශපාලනඥයකු ලෙස චමල් රාජපක්ෂ වැඩි ජනතා ආකර්ෂනයක් හිමිකරගනු ඇති බවය. මහින්ද රාජපක්ෂ විසින් 2018 පෙබරවාරි පළාත්පාලන මැතිවරණයෙන් සිය ප්‍රාදේශීය බලය තහවුරුකරගැනීමේ අරමුනින් පිහිටුවන ලද පොදුජන පෙරමුණ මේ වනවිට රාජපක්ෂ පවුලේ දේශපාලන බල අරගලයෙන් දුර්වල වී ඇත. මහින්ද රාජපක්ෂ මීළග ජනාධිපතිවරණයට තරග කළ නොහැකි නීතිමය සීමාවක සිටින නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට පත් කළ යුතු බවට මහින්ද වටා සිටින ඇතැමුන් ප්‍රකාශ කරන අතර අපේක්ෂකත්වය හිමි විය යුත්තේ හිටපු කථානායක චමල් රාජපක්ෂට බව තවත් පිරිසක් අවධාරණය කරති.
රාජපක්ෂ දේශපාලන බලඅරගලය තීව්‍ර කරමින් චමල් රාජපක්ෂ යෝජනා කරන වාසුදේව නානායක්කාරගේ යෝජනාවට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන ඇතුලු පිරිසකගේ සහාය හිමි වේ.