Posted on 01.17.2022 by Chandana Sirimalwatte in කලා, දේශීය පුවත් with 0 Comments
ජනප්‍රිය ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ හෘදයාබාධයක් හේතුවෙන් අද(17) ඉතාලියේ මිලානෝ නගරයේදී අභාවප්‍රාප්ත වූවාය.
අභාවයට පත්වන විට 71 වන වියේ පසු වූ ඇය, මතකයේ රැඳෙන ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ කලාකාරිනියක මෙන්ම සංගීත ගුරුවරියකද වූවාය. ඇය චිත්‍රපට, ටෙලිනාට්‍ය ගීත මෙන්ම සරල ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත.
වියෝ ගී ගැයෙනා හදේ, පාරමී දම් පුරමු අපි දෙන්නා, දෑතට වළලු රන් මුතු වැල් මාල පොටයි, දවසක් දා වසන්ත සැණකෙළියේ, මේ අවන්හලේ, මාස්ටර් සර්, වියෝ ගී ගැයෙනා හදේ ඇයගේ රසික ආදරය දිනූ ගීත කිහිපයකි.
පෝලියෝ රෝගය නිසා ඇති වූ ශාරීරික දුබලතාවක් පරාජය කරමින් ගායිකාවක් ලෙස ඇය කලා ක්සේත්‍රයට පැමිණි ගමන දුක් කම්කටොලු වලින් ගහන වූවකි.
ක්ෂේත්රය තුළ අමරදේව , සරත් දසනායක, වික්ටර් රත්නායක ආදි සංගීතඥයන් විසින් ලබාදුන් මග පෙන්වීම හා නිර්මාණවලට දායක වීමේ අවස්ථා ඇයට උදාවිය.
මිලානෝ කොන්සල් ජනරාල්වරිය ලෙස ජනවාරි 10 වැනි දා වැඩ බාරගත් ඇය, හදිසි හෘදයාබාධයකට ලක්ව මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මිය ගිය බව වාර්තා විය.
ඇගේ කලා ජීවිතයේ උපයා ගත් සියල්ල තිබියදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015 ලද පරාජය සම්බන්ධව කළ ප්‍රකාශයක් ජනතාව අතර අප්‍රසාදයට හේතු විය. “මරලා හරි ගන්න නේ තිබුණේ සර්” වැනි අදහසක් ඇය ප්‍රකාශ කරන වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියට පත් වූ අතර ඇය හෝ වෙනත් කිසිවකු එසේ ප්‍රකාශ නොකළ බවක් සඳහන් කර නැත.