Posted on 03.09.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ පොදු අපේක්ෂකයකු ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පවසයි.
ඔහු මේ බව පවසන්නේ නෙත් එෆ්එම් ගුවන්විදුලිය අද(9) කළ විමසීමකට පිළිතුරු දෙමිනි. මාර්තු 6 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කළ සාකච්ඡා පිළිබද අදහස් විමසමින් ‘නෙත් එෆ්එම්’ මාධ්‍යවේදියා කළ විමසීමේදී ජ.වි.පෙ. මන්ත්‍රිවරයා පවසන්නේ 20 වැනි සංශෝධනයට මහින්ද රාජපක්ෂ එකගතාව පළ කිරීම තමන්ගේ ජයග්‍රහණයක් බවය.
ඉන්පසුව ඔහු පවසන්නේ ඔහුට ජනාධිපතිවරණයකට ඉදිරිපත්විය නොහැකි නිසා දක්වන මෙම එකගතාව වාසියට හරවා ගත හැකි බවය. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටත් ජනාධිපතිවරණයක් අවාසිදායක බවය.
ජනාධිපතිවරණයක් ජ.වි.පෙ.ටත් අවාසිදායක බව ඉතිහාසයේ ජනාධිපතිවරණ සම්බන්ධ විමසීමේදී අනාවරණය වේ. මේ නිසා 1982 පළමුවැනි ජනාධිපතිවරණයෙන් පසුව දිගින් දිගටම පොදු අපේක්ෂකයකු වෙනුවෙන් ජ.වි.පෙ. මුල්තැන දී ඇත. එය සනාථ කරමින් බිමල් රත්නායක මන්ත්‍රිවරයා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී නිශ්චිතව විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි පොදු අපේක්ෂකයකුට සහාය දක්වන බවයි.
බිමල් රත්නායක මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය .