Posted on 03.15.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
“තවත් විධායක ජනාධිපතිවරණයක් එපා” යන මැයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බලකරමින් ඊයේ (14) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී විරෝධතා රැළියක් පැවැත්විනි.
“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ ජනතා ව්‍යාපාරය” විසින් මෙම විරෝධතා රැලිය සංවිධානය කර තිබූ අතර ඊට ජාතික විද්වත් සංවිධානය, ජාතික භික්ෂු පෙරමුණ, අලුත් පියාපත්, අලුත් පරපුර, වෙබ් මාධ්‍යවේදීන්, ඩාබිඳු සාමූහිකය, මාරුතයේ හඬ, වමේ කේන්ද්‍රය, 71 සංසදය, 52 බලය සංවිධාන, ශ්‍රී ලංකා විද්වත් හා වෘත්තීය සංවිධානය, විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ සහ සංවිධාන ගණනාවක් සහභාගී වී සිටියහ.